AFC Banner
Empty Ad
Empty Ad

මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට අශෝබන ලෙස හැසිරුණ කොස්තාපල්ට ලැබුණු දඩුවම

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී නිල ඇඳුමෙන් බීමත්ව අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය විසින් අදාල පොලිස් කොස්තාපල්වයා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත මෙම කොස්තාපලවරයා ඊයේ (24) සවස 6.00 සිට අද (25) අලුයම 6.00දක්වා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිට ඇති බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා රාජකාරී වේලාවේ බීමත්ව මෙලෙස අශෝබන ලෙස හැසිරී ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම් දීමක දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමතින් සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා අද (25) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?