AFC Banner
AFC Banner
Empty Ad

මහීෂ් තීක්ෂණට හෙට (22) ස්කෑන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් හෙට ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු නෙදර්ලන්තයට එරෙහිව අද තරගයේදී පන්දු යවන අතරතුර මෙම ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඔහුගේ තත්ත්වය තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ පසුගියදා ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවන ලෝක කුසලාන තරඟයට එක් වූයේ ආසියානු කුසලානය අතරතුරදී ඇති වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
7
+1
2
+1
12
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?