මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළා.

අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය,2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාළව අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

ඊයේ (02) උදෑසන 9 සිට පස්වරූ 1.30 දක්වා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු වසර අටක් තිස්සේ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශය නිසි පරිදි ඉදිරිපත් නොකර මඟ හරිමින් සිටි බවයි.

සැකකරු සතු යැයි අනාවරණය කරගත් බස් රථ ඇතුළු රථ වාහන,නිවාස, හෝටල් ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් සිදු කරීමට ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?