මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් භාරදීලා – ආරක්ෂාව ගැන බරපතළ ගැටළුවක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ වෙඩි නොවදින ආරක්‍ෂිත මෝටර් රථය ඊයේ (04) දිනයේ යළිත් භාර දී තිබෙනවා.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ගමන් ගන්නා රථය ද යළි භාරදීමට කටයුතු කළ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ.

අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් ගැනීමට මේ වනවිට රථයක් ද නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර එළඹෙන සතියේ දී ආරක්ෂක ලේකම්වරයා, පොලිපතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් හමුවී මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලිකර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සම්බන්ධ රථ යළි ලබාගැනීමට ලිඛිතව ඉල්ලීමක් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මකවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල වාහන සහ නිල නිවස රජයට භාරදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?