මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක්ව සිටියදී කොල්ලකෑමකට අදාළව සම්පත් මනම්පේරිට වරෙන්තු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියක් ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයක් බිය ගන්නවා ගන්නා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවක් වන සම්පත් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත එගොඩවෙල මහතා අද (30) වරෙන්තු නිකුත් කළා.

2009 අගෝස්තු දොළොස් වැනි දා පොලිස් නිලධාරී ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරෙහි කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්නවා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුළු චෝදනා හටක් හතක් යටතේ සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබෙනවා.

එම නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නොතිබීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළා.

සිය සේවාදායකයා මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් නිෂ්පාදන සඳහා යොදාගත්තේ යැයි කියන රසායනි ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර භාරයේ පසුවන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා අධිකරණයට දැනුම් දුන්නා.

එම විත්තිකරු සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.

එම නඩුවේ හතරවන විත්තිකාර නේරංජන් පෙරේරා නැමැත්තා ද අධිකරණයට ඉදිරිපත් නොවු අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට නීතිඥ රාහුල් ජයතිලක අධිකරණයට දැනුම් දුන්නා.

එවකට අගමැති ආරක්ෂක අංශයේ සේවය කළ ඉන්දික දොළවත්ත ඇතුළු පිරිසක් සමග එක්ව රුපියල් ලක්ෂ 1000ක් පමණ වටිනා සහල් තොයක් කොල්ලකෑම ඇතුළු චෝදනා එම විත්තිකරුවන්ට එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?