මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක්ව සිටියදී කොල්ලකෑමකට අදාළව සම්පත් මනම්පේරිට වරෙන්තු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියක් ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයක් බිය ගන්නවා ගන්නා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවක් වන සම්පත් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත එගොඩවෙල මහතා අද (30) වරෙන්තු නිකුත් කළා.

2009 අගෝස්තු දොළොස් වැනි දා පොලිස් නිලධාරී ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරෙහි කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්නවා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුළු චෝදනා හටක් හතක් යටතේ සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබෙනවා.

එම නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නොතිබීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළා.

සිය සේවාදායකයා මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් නිෂ්පාදන සඳහා යොදාගත්තේ යැයි කියන රසායනි ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර භාරයේ පසුවන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා අධිකරණයට දැනුම් දුන්නා.

එම විත්තිකරු සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.

එම නඩුවේ හතරවන විත්තිකාර නේරංජන් පෙරේරා නැමැත්තා ද අධිකරණයට ඉදිරිපත් නොවු අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට නීතිඥ රාහුල් ජයතිලක අධිකරණයට දැනුම් දුන්නා.

එවකට අගමැති ආරක්ෂක අංශයේ සේවය කළ ඉන්දික දොළවත්ත ඇතුළු පිරිසක් සමග එක්ව රුපියල් ලක්ෂ 1000ක් පමණ වටිනා සහල් තොයක් කොල්ලකෑම ඇතුළු චෝදනා එම විත්තිකරුවන්ට එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42