වාරිමාර්ග සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙම තීන්දුව සඳහා එළඹියේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ” උඩවලව ” විශේෂ බලප්‍රදේශයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අද දින වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ දීය.
විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද සාම්ප්‍රදායික වාර්ෂික වැඩ සැලැස්මෙන් ඔබ්බට යමින්, සුහුරු කෘෂිකාර්මික ක්‍රමවේද හරහා අපනයන ගම්මාන ඇති කිරීම ඇතුළු ස්මාර්ට් වැඩපිළිවෙලක් යටතේ රත්නපුර දිස්ත්‍රීක්කය ඇතුළු සමස්ථ උඩවලව කලාපීය ජනතාව වෙත සෘජු ප්‍රතිලාභ හිමිවන පරිදි වාර්ෂික වැඩසැලැස්ම නැවත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරමින්, ඒ සඳහා අමාත්‍යවරිය විසින් අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
මීට අමතරව, වලව කලාපයෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැකියාවන් වැඩිදියුණු කිරීම කෙරෙහි ද, තරුණ ව්‍යවසායකයන් ඇති කිරීම මෙන්ම, කාන්තාවන් හට ස්වයං රැකියා අවස්ථාවන් සලසාදීම කෙරෙහි ද අවධානය යොමුකර කටයුතු කරන ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිලධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදී.
මේ අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා ප්‍රධාන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ඉංජි. සුනිල් පෙරේරා මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍යා විජයවීර මහත්මිය, නේවාසික ව්‍යාපාර කළමනාකාර (උඩවලව) , අංශ භාර අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූහ.














