මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්තිට ඇප නියම වෙයි

රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවතින විමර්ශනවලට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (19) නියෝග කළා.

සැකකරු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සහ සිද්ධියට අදලව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මේ වන විට විදේශගතව ඇති බවත් ලබන 26 ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාල සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07