මහවැලි අධිකාරයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගේ අපේක්ෂිත ඇපය ඉවතට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විවින් රාජ්‍ය දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ විමර්ශනයන්ට අදාලව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම විසින් ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නිෂ්ප්‍රභා කළා.

සිද්ධියට අදාල අපේක්‍ෂිත ඇප අයදුම් පත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් මෙලෙස නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පෙර නඩු දිනයේදී මෙලෙස කරුණු දක්වා තිබුණා.

“ස්වාමීනී, මෙම සිද්ධියට අදාල මූලික විමර්ශන 2025/5/27 වැනි දින ආරම්භ කළා. 2022/ 5/9 දින පැවති ජන අරගලය නිසා සෙවනගල පිහිටි ඉඩමක් විනාශ කර තිබෙනවා. ඊට අදාල වන්දි මුදල් ලබා ගැනීමට හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලක්ෂ 88ක වන්දි මුදලක් ලබාගෙන තිබෙනවා. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු කර තිබෙනවා. එම අමාත්‍යවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබෙනවා. මෙම සිද්ධිය වූ අවධියේ මෙම පෙත්සම්කරු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.අමාත්‍යවරයෙකුගේ නියෝගය ලබා දිය යුතුව තිබුණද මෙම පෙත්සම්කරු තම බලය භාවිතා කර කටයුතු කර තිබෙනවා. හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක්ද යවා තිබෙනවා. ඉන්පසුව මෙම මුදල ලබා ගැනීමට ලිපියක් යොමු කර තම අභිමතය පරිදි කටයුතු කරලා.”

” ස්වාමීනි, මෙම සිද්ධියට අදාලව එවකට හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා වන රොෂාන් රණසිංහගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඔහු මේ වන විට විදේශගත ව සිටිනවා. ලංකාවට පැමිණිමෙන් පසු අල්ලස් කොමිසට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරයා වන සමන් ඒකනායක මහවැලි ඉඩම් ලබාදීම ඒ වන විට නතර කර තියෙද්දි තමයි මෙම පෙත්සම්කරු විසින් 2022/9/13 දින පහළ නිලධාරීන්ට බලපෑම් කර වන්දි මුදල් නිකුත් කර තිබෙන්නේ. වලව මහවැලි කාර්යාලයෙන් අනුමත කිරීමට එම වන්දිි මුදලට අදාල ලේඛනය මෙම පෙත්සම්කරු අමාත්‍යවරයා සතු බලතල රැගෙන කොළඹට යවලා තියෙනවා.හිටපු ශෂේන්ද්‍ර රාජපක්ෂට ලක්ෂ 88 ක මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් තමයි පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකර තිබෙන්නේ. එම වන්දි මුදල ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම පෙත්සම්කරු විසින් තමයි කර තිබෙන්නේ. එම නිසා මෙම අපේක්‍ෂිත ඇප අයදුම්පත නිශ්ප්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා.” යනුවෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කර සිටියේ, පෙත්සම්කරු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයෙක් බවත් ඔහු ශෂීන්ද්‍රරාජපක්ෂ මහතාට වන්දි මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි.

පෙත්සම්කරු සිදුකර ඇත්තේ සිය රාජකාරිය ඉටු කිරීම පමණක් බව නීතිඥවරිය සඳහන් කළා. දැනට ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් හොබවන බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50