මහවැලිකඩආර වැවේ අතුරුදන්ව සිටි දැරියන් තිදෙනාගේ ම සිරුරු හමුවේ

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී ඊයේ (12) සිදුවූ අනතුරෙන් පසු අතුරුදන් වූ දැරියන් තිදෙනාගෙන් අවසන් දැරියන් දෙදෙනාගේ සිරුරු ද මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

පොලිසිය හා නාවික හමුදා කිමිදුම් අංශය විසින් අද (13) උදෑසන දියත් කළ මෙහෙයුමේ දී මෙම දැරියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් වයස අවුරුදු 10,16 සහ 18 යන වයස්වල පසුවන දැරියන් තිදෙනෙක් අතුරුදන් වූ අතර, ඉන් වයස අවරුදු 10ක දැරියගේ සිරුර ඊයේ (12) පස්වරුවේ සොයා ගැනුණා.

අටදෙනෙකු ගමන්ගත් ඔරුවක් මහවැලිකඩආර වැව මැදිදී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවෙයි.

ඔරුවේ ගමන්ගත් 08 දෙනාගෙන් පස්දෙනෙකු එම අවස්ථාවේදීම බේරාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, එලෙස බේරාගත් පිරිස අතර කුඩා බිළිඳෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?