මහල් නිවාස සංකීරණයකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මොරටුව, ලුනාව, රතුකුරුස මහල් නිවාස සංකීරණයේ 04 වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ඊයේ (04) මෙලෙස මහල් නිවාස සංකීරණයේ පහළට ඇද වැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුගේ වයස අවරුදු 32ක් බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?