Empty Ad
AFC Banner
Empty Ad

මහමඟදී කාන්තාවකට කැත වැඩක් කළ මත් ලෝලියාට අත්වුණු ඉරණම

මාර්ගයක ගමන්කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා තුවාල සිදුකර ඇයගේ අත් බෑගය කොල්කෑමේ පුවතක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොහුවල, පීරිස් මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.

කොල්ල කෑ අත් බෑගය තුල අදාල කාන්තාවගේ ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ්පත් හා රුපියල් දසදහස මුදලක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ල කෑම සිදුකළ සැකකරු මං කොල්ලය සඳහා යොදාගත් උල් පිහියත් සමඟ ගල්කිස්ස පොලිස් දූෂණ මර්ධන ඒකකය මඟින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩිලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කොල්ල කෑ අත්බෑගය වේරහැර, වැලිපාර ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58

?