මහමඟදී කාන්තාවකට කැත වැඩක් කළ මත් ලෝලියාට අත්වුණු ඉරණම

මාර්ගයක ගමන්කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා තුවාල සිදුකර ඇයගේ අත් බෑගය කොල්කෑමේ පුවතක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොහුවල, පීරිස් මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.

කොල්ල කෑ අත් බෑගය තුල අදාල කාන්තාවගේ ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ්පත් හා රුපියල් දසදහස මුදලක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ල කෑම සිදුකළ සැකකරු මං කොල්ලය සඳහා යොදාගත් උල් පිහියත් සමඟ ගල්කිස්ස පොලිස් දූෂණ මර්ධන ඒකකය මඟින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩිලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කොල්ල කෑ අත්බෑගය වේරහැර, වැලිපාර ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39