මහනුවර නගරයේ එකතු වූ කසළ කොළඹට ගෙන එන්න සැරසෙයි

සිරි දළඳා වන්දනාවට මහනුවර පැමිණි බැතිමතුන් විසින් බැහැර කරන ලද කසළ කළමණාකරණය කිරීම මේ වනවිට මහනුවර මහ නගර සභාවට ගැටළුවක් වී තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහා කළේ එලෙස පැමිණි බැතිමතුන් විසින් කසළ ටොන් 600ක් බැහැර කර ගොස් ඇති බවයි.

මෙම ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම ටොන් 600ක කසළ ප්‍රමාණයෙන් මිශ්‍ර කසළ දහනය කර විනාශ කිරීම සඳහා කොළඹට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාව සමඟ මේ පිළිබඳව සාකච්ඡාකර ඇති බව ද නාගරික කොමසාරිස්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම කටයුත්ත වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේ ද සහයෝගය ලබාගැනීමට ද අපේක්ෂා කරන බව නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?