පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුවේ සිට පිළිමතලාවට පමණක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි වාර්තා වුණේ.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



