පසුගියදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මහනුවර කණ්ඩායම සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (26) ශ්‍රී ලංකා රග්බි කවුන්සිලයේ පැවැත්වුණා.
තරගය අවසානයේ ලකුණු සංඛ්‍යාව සමවීම නිසා තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින් විසින් විනිසුරුවන්ට සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හිරහැර වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් අද මෙලෙස සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇති වූ තත්ත්වයත් සමඟ මින් ඉදිරියට මහනුවර ක්‍රීඩාංගණයේ යළි තරග පැවැත්වීමට නම් තරගයේ සත්කාරකත්වය දරන මහනුවර කණ්ඩායම විසින් තරග පැවැත්වීමට සුදුසු වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් එම වැඩපිළිවෙල සලකා බලා තරග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
එසේ නොවන්නේ නම් මහනුවරදී යළිත් තරග නොපැවැත්වීමට හෝ ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් තොරව තරග පැවැත්වීමට තීරණය කරන බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති සඳහන් කර සිටියා.




