මහනුවර දිසාපති කාර්යාලයට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවිඩය ගැන පරිඝණක අපරාධ විමර්ශන අංශය විමර්ශන අරඹයි

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද ව්‍යාජ තොරතුර පිළිබඳව විමර්ශන, පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන බව පොලිසිය පවසනවා.

එම තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සහයක් බවට පොලිසිය සැක කරනු ලබනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊමේල් ලිපිනයට (26) පෙරවරුවේ ඊමේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05 ක බෝම්බ සඟවා ඇති බවට පණිවිඩයක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

මෙම සෝදිසි මෙහෙයුම් ඊයේ (26) පෙරවරුවේ සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැකකටයුතු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර, එම කාර්යාලයේ සේවකයින් බොහෝ පිරිසක් නිවාඩු දමා කල්වේලා ඇතිව නිවෙස් බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?