logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මහනුවර කඩ පෙළක් එක දිගට ගිනිබත් වෙයි (වීඩියෝ)

මහනුවර – අකුරණ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ගින්න අද (05) උදෑසන 6.30ට පමණ ඇති වූ බවයි.

මෙම ගින්නෙන් මුළු වෙළෙඳසැල් පේළිය ම විනාශයට පත් ව තිබෙනවා.

ප්‍රදේශවාසින් පැවසුවේ: ගින්න ඇති වුයේ කුමන හේතුවක් මත දැයි මෙතෙක් නිශ්චිත ව කිව නොහැකි බවයි.

අලවතු⁣ගොඩ හා කටුගස්තොට පොලිසිය මෙන් ම සහ මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකය එක් ව ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම ගින්න හේතුවෙන් ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් තාවකාලික ව වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?