AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව අවසන් බව දන්වා සංදේශය ජනපති වෙත භාරදෙයි (ඡායාරූප)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා වෙත අදාළ සංදේශය පිරිනැමූ බවයි.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අබියස දී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 08 20 at 19.50.48
WhatsApp Image 2024 08 20 at 19.50.47
WhatsApp Image 2024 08 20 at 19.50.45
WhatsApp Image 2024 08 20 at 19.50.44 1
WhatsApp Image 2024 08 20 at 19.50.44
WhatsApp Image 2024 08 20 at 19.50.43
WhatsApp Image 2024 08 20 at 19.50.41
WhatsApp Image 2024 08 20 at 19.50.40 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?