මහන්සියෙන් ගත්ත උපාධිය බිම තබා පොල් කඩන්න ගස් නගින ගිරිඋල්ලේ තරුණයා

වයඹ ලංකාවේ අගනුවර වන කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවේදී කළමනාකරණ හා මූල්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය ලබාගත් ගිරිඋල්ල දඹදෙනිය, කවුඩුමුන්න ග්‍රාමයේ පදිංචි කසුන් තමන් ලබාගත් උපාධි සහතික සම්මාන පසෙක තබා ලාංකීය සමාජය පිළිගැනීමට අකමැති පොල් කැඩීම සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගෙන ඇතැයි කිවහොත් ඔබ පිළිගන්නවාද ?

මෙය සත්‍ය කතාවකි. කසුන් ප්‍රභාෂ් කරුණාතිලක ගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි. අම්මා සහ තාත්තා සමග කසුන්ට අයියලා දෙදෙනෙක් සිටිති.දෙමාපියන් ව්‍යාපාරිකයන් ලෙස ප්‍රදේශයේ යමක් කමක් ඇති කීර්තිමත් පව්ලකි. කළමනාකරණ හා මූල්‍ය උපාධියක් ලබා සිටින කසුන්ට ලංකාවේ පමණක් නොව ලොව කොහේ හෝ සමාජයේ ගෞරවයට පාත්‍ර වන රැකියාවක් සොයා ගැනීම බරපතළ ගැටලුවක් වන්නේ නැහැ.

නමුත් උපාධි සහතිකයක් අතැති කසුන් තෝරා ගත්තේ සමාජයෙන් ප්‍රතික්ෂේප වන, කිසිවෙකු ගේ පිළිගැනීමට ලක් නොවන රැකියාවකි. ඔහු තෝරා ගත් රැකියාව මිහිපිට උපන් කිසිවෙකු කැමැත්තෙන් හෝ ආශාවෙන් කරන්නක් නම් නොවේ. නමුත් වර්තමානයේ පවතින තත්ත්වය දෙස බලන විට පෙනී යන්නේ අනාගතයේ දී ගහක පොල් කඩා ගැනීමට කිසිවෙකු නොවන බවයි. කසුන් ප්‍රභාෂ් කැමැත්තෙන්ම බාරගන්නේ එම වෘත්තිය රැක ගැනීමේ අභියෝගයයි. අධ්‍යාපන කටයුතු නිමා කොට ඕස්ට්‍රේලියාවේ සිට ආපසු ලංකාවට පැමිණෙන කසුන් පොල් කැඩීම පහසු කිරීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීම පිළිබඳ සිතන්නට වූයේ ඒ නිසා ය.

කසුන්ගේ උත්සාහය මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබා තිබේ. වයස අවුරුදු 27 ක් වන කසුන් අවිවාහක තරුණයෙකි. කසුන් ළමා අවධියේ සිටම නව නිර්මාණ කරන්නට, අත්හදා බලන්නට උපන් හපනෙක් විය. නව නිර්මාණ කිරීමට දැඩි ඇල්මක් දැක්වූ කසුන් සම්ප්‍රදායික රැකියාවක් කරනවට වඩා රටට වැඩදායී, අර්ථවත් යමක් කිරීමට සිතන්නට ඇත.

ඔහු පොල් ගස් නැගීම පහසු කිරීම සඳහා සරළ ඉතාම ආරක්ෂිත උපකරණයක් නිර්මාණය කර ඇත. බැලූ බැල්මට මෙම උපකරණය සරළයැයි පෙනුනද ගසකට නගින විට ලැබෙන්නේ සැහැල්ලුවකි. එතරම් ශක්තියක් වැය කළ යුතු නැත. මේ වන විට කසුන් කණ්ඩායම් දෙකක සේවය ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහා පරිමාණ පොල් වතුවල මෙම උපකරණය භාවිතා කොට පොල් කැඩීම කරයි.

“බරපතළ සේවක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැනට තිබෙන ඉල්ලුමේ හැටියට ඉන්න සේවකයන් සෑහෙනවා. නමුත් ඉදිරියේදී අපේ සේවය අපේක්ෂා කරන පිරිස වැඩි වෙනවා. ඒ වන විට සේවක ප්‍රශ්නය බලපාන්න පුළුවන්. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහා පරිමාණ පොල් වතුවල පමණක් පොල් කඩන නිසා අපට දැනට ඉන්න සේවක සංඛ්‍යාව සෑහෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් අපේ සේවය ඉල්ලුවොත් සේවය ලබාදෙන්න අපට හැකියාව තියෙනවා. එක දිනකින් අවසන් කළ නොහැකි මහා පරිමාණ වත්තක නම් අපේ කණ්ඩායමට නවතින්න ස්ථානයක් ලබා දීම පමණයි වතු හිමියා කළ යුත්තේ.” පොල් ගස් සංඛ්‍යාව අනුව මුදල් අය කරන බව කසුන් ප්‍රභාෂ් පවසයි.

“මම මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන තරුණ පරපුර බලන්නේ යූ ටියුබ් චැනල් එකක් කරගෙන යන්න, විෂුවල් එකක් කරගෙන ඉන්න, අන්තර් ජාලය හරහා සල්ලි සොයන්න. නැත්නම් ටයි පටියක් බැඳගෙන ඒසී කාමරේක ඉදගෙන වැඩ කරන්න හිතන සමාජයක් දැන් තියෙන්නේ. උදේ පාන්දර වැඩට ගිහින් හවසට ගෙදර එන රක්ෂාවක් තමයි බොහෝ අය අපේක්ෂා කරන්නේ. මටත් එහෙම ඉන්න පුළුවන්. මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. මට ඒ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. ඉදිරියේදී තාත්තා කරන ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න වෙයි. නමුත් මට ඊට එහා ගිය බලාපොරොත්තුවක් තිබුණා. මම නිතරම හිතුවා මේ රටට යමක් කරන්න. මගෙන් රටට යමක් සිදු විය යුතු යැයි කල්පනා කලා.”

මුලින්ම මෙවැනි ව්‍යාපාරයක් කරනවාට මගේ දෙමාපියන් කැමති වුණේ නැහැ. මේ උපකරණය හදන්න පර්යේෂණ කරද්දී ඔවුන් විරුද්ධ වුණා. පර්යේෂණ සාර්ථක වෙද්දි ඒ විරුද්ධතාවය අඩුවෙමින් ගියා. අද වන විට ඔවුන් ගේ ආශීර්වාදය මට ලැබෙනවා. මම මගේ කණ්ඩායමට නායකත්වය දෙමින් කණ්ඩායම් දෙක මෙහෙයවමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහා පරිමාණ පොල් වතුවල පොල් කඩනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘති සාර්ථක වූවාට පසු අනෙකුත් දිස්ත්‍රික්කවලට මෙම ව්‍යාපෘතිය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27