ත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී

නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද (03) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නෝටන්බ්‍රිජ් සිට නුවරඑළිය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස ගිනිගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරු වාහනය පාර අයිනේ තබා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අසළ පිහිටි වෙළෙඳසැලකට ගිය අවස්ථාවේදී හදිසියේම ත්‍රිරෝද රථයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ජීවිත හානියක් සිදුවී නොමැති අතර ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53