මහජන බැංකුව Black List කළා කියලා මට දන්වලා නැහැ – මුදල් ඇමති කියයි

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

දළදා වහන්සේ වැඳපුදා ගත් ඇමති බැසිල් රාජපක්ෂ මල්වතු හා අස්ගිරි මහනාහිමි වහන්සේලා බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට යන අයවැය සම්බන්ධව දැනුවත් කර සිටියා.

මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවේ යැයි කියා තමන් සිතන බවයි.

මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මහජන බැංකුව බැලැක්ලිස්ට් කර ඇති බව තමාට දන්වා නැති බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?