spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබුණ ද විදුලි කප්පාදුව සිදු වීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බව පෙත්සමේ සඳහන්.

ඒ අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?