මහජන ආරක්ෂක ඇමතිට කිරි අම්මා යැවූ කෙටි පණිවිඩය

ඊයේ (09) දිනයේ පැවැති බොහෝ මාධ්‍ය හමුවලදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දැඩි චෝදනා එල්ල කර සිටියා.

එලෙස විරෝධතාවය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ දී විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා.

ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ස.ජ.බ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින්ද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්,

“පියුමි හංසමාලිව අත්අඩංගුවට ගත්තාම අරන් ගියේ බණ්ඩාරවෙලට..චිල් එකේ කූල් එකේ බණ්ඩාරවෙල ඉන්න පුළුවන් නිසා.. අනේ මඟින් කෝල් කරපුවාම පියුමි හංසමාලි, අපේ ඇමතිතුමා බස් එක හරවලා ඇඳුම් ටිකත් පටවලා ඒ අවශ්‍යය මේකප් සෙට් පටවලා ඇරියා..”

එමෙන්ම මන්ත්‍රීවරයා විසින් තමන්ට දැනගන්න ලැබුණු කතාවක් පිළිබඳවද මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේ මෙලෙසයි,

“මට ආරංචි කිරි අම්මා කෙනෙක් කෝල් කරලා තිබුණා ඇමතිතුමාට.. ෆෝන් එක ආන්සර් කරලා නැහැ.. අන්තිමට මැසේජ් එකක් ගහලා තියෙනවා පුතේ මට චීත්තයක්වත් එවපිය කියලා..අනේ රිප්ලයි නැත..”

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ සිය පක්ෂය විසින් ද විරෝධතාවයක් දියත් කළ බවත්, එම අවස්ථාවේ තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නට තිබූ බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් කර තිබෙන්නේ ඇයිදැයි යන්නද එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් විමසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06