මහජන ආරක්ෂක ඇමතිගේ ධුරය බල රහිත කිරීමට ආ පෙත්සමට විරෝධතා

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්.දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බව සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතළ නීතිමය ඌණතාවක් බව කියා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කළා.

මෙම අවස්ථාවේදී වගඋත්තරකාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාර වසම් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් ජනාධිපතිවරයාගේ නිල ක්‍රියාවක් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්ව පෙරේරා මහතා සඳහන් කළේ වග උත්තරකාර අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කිරීම තමන් විසින් කිසිසේත්ම අභියෝගයට ලක් නොකරන බවයි.

තමා අවධාරණය කරන්නේ වග උත්තරකාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බව පමණක් යැයි ද නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතුකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් මුලින්ම තීන්දුවක් ලබාදීමට තමාට සිදුවන බවයි.

ඒ අනුව මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන තිබේ නම්; ඒවා මාර්තු මස 18 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සමේ සියලු පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15