මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ පස් දෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව මහඑලිය ශ්‍රි පාද රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අද (23) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ , බගවන්තලාව,රත්නපුර , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලින් පැමිණි මැණික් ජාවාරම්කරුවන් පිරිසක් රක්ෂිතයේ පරිසරය විනාශ කරමින් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත.

සැකකරුවන් පස් දෙනෙකු සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද තම භාරයට ගත් බවයි අඩවි වන නිලධාරිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

111
222
02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !