AFC Banner
Empty Ad
Empty Ad

මස්කෙළිය වතු නිවාස පෙළක ගින්නක්

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වීන්ස්ලණ්ඩ් කොටසේ වතු නිවාස පේළියක අද (17) පස්වරු 1.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් නිවාස 20 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.

වතු කම්කරුවන් අද (17) දින දෛනික සේවා කටයුතු සඳහා ගොස් සිටියදී මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න හේතුවෙන් එම වතු නිවාසවල පදිංචිව සිටි වතු කම්කරු පවුල්වල සාමාජිකයින් 73 ක් පමණ අවතැන්ව සිටිති.

ගින්නෙන් වතු කම්කරු පවුල්වල සියළුම දේපළ ගින්නෙන් විනාශයට පත්ව තිබේ.

මෙම ගින්න නිවා දැමීමට වතු කම්කරුවන් හා මස්කෙළිය පොලීසියේ නිලධාරින් විශාල උත්සහායක් ගනු ලැබුවද එය වියර්ත වූ අයුරු දක්නට ලැබුණි.

ගින්න නිසා අවතැන්වූවන් බ්‍රන්ස්වික් තේ වතුයායේ බ්ලූම්ෆීල්ඩ් පාසලේ තාවකාලිකව ලැගුම් ගැනීමට සලස්වන බව බ්‍රන්ස්වික් වතුයායේ පාලනාධිකාරිය පවසයි.

මෙහිදී කිසිවෙකුටත් අනතුරැක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

චන්දන ජයවීර – හැටන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?