ගල් අඟුරු ගෙන ආවේ Blacklist කළ සමාගමකින් ද ?

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විසින් අද (26) කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ මේ වන විට ගොඩබා ඇති ගල් අඟුරු නෞකා 08ක් මඟින් රුපියල් මිලියන 7000කට අධික මුදලක් පාඩු සිදුව ඇති බවයි.

එවන් තත්ත්වයක් මත රජය තවමත් එම ගල්අඟුරු ගෙන ආ සමාගම සමඟ පවතින ගිවිසුම අවලංගු කර ගැනීමට කිසිඳු හෝ පියවරක් නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම ගල් අඟුරු ගෙන්වූ සමාගම මීට පෙර මෙරටට සහල් ආනයන කර ඇති බවත් එම සහල් ආනයන කිරීමට අදාළ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කළ සමාගමක් බවත් ඔහු පෙන්වා දුන්නා.

”විගණකාධිපතිතුමා 2016 සැප්තැම්බර් මාසයේ දී, ඒ වාර්තාවේ පැහැදිලිව, මේ ගල් අඟුරු ගෙන්නන සමාගම මීට කලින් අපේ රටට හාල් supply කරලා ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි කඩ කරලා, tender procedure කඩ කරපු සමාගමක් හැටියට ඒ සමාගම Blacklist කරලා තියෙන්නේ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46