මසක් ඇතුළත කොරෝනා මරණ 317 ක්

ජනවාරි 1 වන දා සිට මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 400ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 317ක්ම  සිදුව ඇත්තේ අප්‍රේල් 15 වන දා සිට මේ දක්වා මාසයක කාලයක් තුළ වීම විශේෂත්වයක්.

මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 921ක් වාර්තාවී ඇති අතර, ඉන් මරණ 717ක් හෙවත් සියයට 77.85ක්ම සිදුව ඇත්තේ මෙම වසරේ පළමු මාස හතර හමාරක කාලය තුළයි.

මෙරටින් පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වූ දිනයේ සිට මෙම වසරේ ජනවාරි පළමු වන දා දක්වා මාස 8ක් තුළ කොරෝනා මරණ 204ක් වාර්තා වී තිබෙනවා.

එසේ වුවද පසුගිය අප්‍රේල් 15 වන දා සිට ගතවූ මාසය තුළදී මරණ 317ක් වාර්තා වීම තුළ මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 34.4ක් ලෙසයි ඉහළ ගොස් ඇත්තේ.

පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ මාසයක් තුළ මෙරට කොරෝනා මරණ ප්‍රතිශතය සියයට 2.76ක් ලෙස දැක්වෙන අතර දෙවන රැල්ල අවස්ථාවේ එය මාසයකට සියයට 10.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රතිශතය මේ  වන  විට සියයට 34.4ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අප්‍රේල් මස 15 වන දා සිට මේ දක්වා මාසයක් තුළ කොරෝනා මරණ 317ක් වාර්තා වීමත් සමඟයි.

මේ මස පළමු වන දා සිට මේ දක්වා දෛනිකව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය වන අතර, එම සංඛ්‍යාව 29ක්.

මැයි 10 වන දා මරණ 26ක්, 13 වන දා මරණ 24ක්, 11 වන දා මරණ 23ක්, වාර්තා වී තිබෙනවා.

ගත වූ දින 5ක කාලය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 120ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15