මව්කිරිවල ප්ලාස්ටික්

මව්කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බවට ඉතාලි වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් පළමු වරට හඳුනාගෙන තිබෙනවා.

ඉතාලියේ නිරෝගී මව්වරු 34 දෙනකුගෙන් ලබා ගත් මව්කිරි සාම්පල යොදාගන සිදුකළ පරීක්ෂණවලදී මෙය හඳුනා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පළමුවරට මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක සාගර ජීවීන්ගෙන් හමු වූ අතර, ඊට හේතුව ලෙස අනාවරණය වුණේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කිරීමයි.

මව්කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් මිනිස් සිරුරේ ද ප්ලාස්ටික් විෂ අඩංගුවන බවට පෙනී යන බවයි එම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මිලිමීටර් 05ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශු මයික්‍රෝ-ප්ලාස්ටික් හෙවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හඳුන්වනවා.

“ප්ලාස්ටික් විෂ මිනිස් සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්, ඒවා සෛලවලට බලපානවා, පිළිකා ඇති කරනවා. මව්කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යනුවෙන් මෙම පරීක්ෂණය සිදුකළ වෛද්‍ය පර්යේෂකයින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27