මවගේ වරදින් කොත්මලේ ජලාශයේ සැඟවී ගිය දරුවාගේ සිරුර හමුවෙයි

සිය දරුවා ද සමඟ සියදිවි හානිකර ගැනීම අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය පැන්න කාන්තාවක් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට ඊයේ (16) හැකියාව ලැබුණා.

එහිදී දියේ ගිලී අතුරුන්දව සිටි දරුවාගේ සිරුර අද (17) පෙරවරුවේ සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තලවකැලේ පොලිසිය සහ ඉහළ කොත්මලේ ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සිව් හැවිරිදි දරුවාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් සිය සැමියාගෙන් වෙන් වී පුඩළුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ වාසය කර තිබෙනවා.

පසුව එම අනියම් සැමියා වෙනත් විවාහයක් සිදුකර ගැනිම සම්බන්ධයෙන් සිත් තැවුලට පත් මෙම කාන්තාව ඊයේ (16) පස්වරුවේ ජලාශයට පැන ඇති බවයි වාර්තා වුණේ.

තලවකැලේ දුම්රිය පාලම මතින් මෙම කාන්තාව සිය දරුවා ද සමඟ ජලාශයට පැන ඇති බවයි අනවරණය වුණේ.

පසුව ප්‍රදේශවාසීන්ට ජලාශයේ ගිලෙමින් සිටි කාන්තාව බේරාගැනීමට සමත් වූ අතර, එම අවස්ථාවේ දී දරුවා දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

බේරාගත් කාන්තාව ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අද (17) දිනයේ සොයාගත් අතුරුදන්ව සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි තලවකැලේ පොලිසිය සඳහන් කළේ.

අනියම් සැමියා සහ මියගිය කාන්තාව අතර, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තලවකැලේ සහ පුඩළුඔය පොලිසියේ පැමිණිලි කිහිපයක් ද විභාග කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17