මවකට සහ කුඩා දියණියකට මරු කැඳවමින් මහ මඟ වැටී තිබූ මාරකය

අනාරක්ෂිත ලෙස මාර්ගයට වැටී තිබූ විදුලි වයරයක් පෑගී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (20) වාර්තා කර තිබුණා.

බැංගලෝරයේ වයිට්ෆීල්ඩ් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස නවයක් වයසැති කුඩා දියණියයි.

මෙම කාන්තාව සිය දියණිය ද සමඟ තමිල්නාඩුවේ සිට නිවස බලා යමින් සිටිය දී පදික වේදිකාවට වැටී තිබූ විදුලි වයරයක් පෑගී විදුලි සැර වැදී තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් පසු රාජකාරි පැහැර හැරීම හේතුවෙන් සීමාසහිත බැංගලෝර් විදුලි සැපයුම් සමාගමේ සේවකයින් පස්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කර්නාටක විදුලිබල අමාත්‍ය කේ.ජේ. ජෝර්ජ් පැවසුවේ මෙම අනතුරට වගකිව පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

අනතුරින් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06