AFC Banner
Empty Ad

මල්වතුහිරිපිටියේ දී හිමිනමකට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පළාගොස් ඇති බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.

වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

හොන්ඩා වර්ගයේ (CAO-5345) දම් පැහැති මෝටර් රථයකින් විහාරස්ථානය පැමිණි වෙඩික්කරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම වෙඩික්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි සඳහන් කරමින්, මත්ද්‍රව්‍ය ඇත්දැයි හිමිනමව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

1 5
2 5
3 5
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?