මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන්

ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයේ අවසන් දේව මෙහෙය බැතිමතුන් ලක්ෂ 5 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අද උත්සවාකාරයෙන් පැවැත්වුණා.

අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය අද (15) උදෑසන 6.15ට මන්නාරම රදගුරු
අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

මඩු දේවස්ථානයේ ඥානප්‍රකාශම් පියතුමන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන්වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම දිව්‍ය පූජාව පැවත්වුණි.

අවසන් දේව මෙහෙය අවසන් වීමෙන් අනතුරුව මරඳ මඩු ජපමාල දේව මාතාවගේ පිළිරුවෙන් මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් ආසිරි ගැන්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?