මරණ දඬුවම නියම වූ අයෙක් නැවත තමාටම දඬුවම් කරගැනීමෙන් රෝහලේ

නුවරඑළිය මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම වූ අයෙක් වස පානය කිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙලෙස අද (29) දිනයේ දී මරණ දඬුවම නියම වූ පුද්ගලයා, මහාධිකරණයේ සිරමැදිරියේ රඳවා සිටින අතරතුර වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා තිබූ අතර ඔහු වැසිකිලියට ගොස් ඇදුම්වලට ඇතුළතින් සඟවාගෙන පැමිණි වස ද්‍රාවණයක් පානය කර ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් පසුව ඔහුව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted