මම සංසාරෙ ගොඩක් පිං කරලා තියෙනවා. මමත් ගොඩක් ආදරෙයි – අනූෂා දමයන්ති

අනූෂා දමයන්ති කියන්නේ කවුරුත් ආදරය කරන කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඒ නිසාම ඇයගේ අලුත්ම තොරතුරු ගැන අහලා බලන්න ගොසිප් ලංකා නිව්ස් අපි ඇය සමග සුහද පිළිසදරක යෙදුනා..

1- අලුත් අවුරුද්දේ වැඩ කටයුතු එහෙම කොහොමද?

—කොවිඩ් හින්දා මඟ නැවතුනු නිර්මාණ ආය පටන් ගත්තා. මේ දවස් වල ”මහවිරු පණ්ඩු” එකේ ඉන්නවා.
තව ‘කුණු කොල්ලා’ කියන චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා, “දූවිලි”, “අග්නි වර්ශා”,සිවුරඟ සේනා කියන ටෙලිනාට්‍ය වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඒවනම් ටෙලිකාස්ට් වෙන්න තියෙන නිර්මාණ තමයි ගොඩ හරියක්. කොවිඩ් හින්දා 50% අවසර දීලා තියෙන්නේ ඒ හින්දා ප්‍රසංග වේදිකා,පිටරට ෂෝ ඒ වැඩ එහෙම මේ දවස් වල නෑ.

2- ළඟදි අලුත් නිර්මාණ වලට සම්බන්ධ වුණේ එහෙම නැද්ද?

—- සිනමාවට බර හින්දා ඒ පැත්ත ගැන තමයි හිතන්නේ.චිත්‍රපටි පෝලිමකුත් තියෙනවා.මගේම යු ටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා,ඒ වගේ අලුත් විදියට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් ක්‍රමවේදයක් කලාව හරහා හොයමින් ඉන්නවා.

3- වැඩියෙන්ම කැමති නර්ථනයට ද? රංගනයට ද?
—- අයියෝ..මගේ ඇස් දෙකෙන් මොන ඇහැට ද වැඩියෙන්ම කැමති කියලා ඇහුවා වගේ දෙයක් ඒක මට.දෙක ම මට එක වගේ. මම නර්ථන ශිල්පිණියක් විදියට තමයි සිනමාවට, රංගනයට පා තබන්නේ, මගේ නර්ථනය නිසා.
ගොඩක් ජයග්‍රහණ ලැබුණේ මට ඒ හින්දයි.ඉතින්, මම නිතරම කැමතිත් නර්ථනය කරන්න තමයි.

4- නර්ථනයයි, රංගනයයි ඇරුනාම වෙන මොකුත් කලා කටයුතු කරන්නේ නැද්ද? සිංදු එහෙම කියන්න කැමති නැද්ද?
—- ඉස්සර මම සින්දු කියන්න කිවුවාම එක වචනයක්වත් කියන්න අකැමැති කෙනෙක්.

ස්වර්ණවාහිණියේ මෙගා ස්ටාර් එකට ආරාධනා කරපු වෙලේ උද්දික තමයි නෑ නෑ කියන්න පුළුවන් කියලා බල කරේ එදා තමයි මම සින්දුවක් කියන්න පෙලඹුනේ.

අද ගායිකාවක් නොවුනට මට විශ්වාස කරන්නත් බෑ මම ප්‍රසංග වේදිකාවලත් දැන් සිංදු කියනවා.පිටරටවල් වලත් ගිහින් නර්ථනයට අමතරව සින්දුත් කියනවා මටම පුදුමයි. සිංදු කියන්න මම ආසයි.මොකද, ගෙදර වටපිටාව පුරාම තියෙන්න කලාව.

5- අපේ රටේ සිනමාව ගැන මොකද හිතන්නේ. ආරාධනා එහෙම ලැබෙන්නේ නැද්ද?

—-ලස්සන චිත්‍රපට ගොඩක් කරන්න අපි සැලසුම් කරලා තිබ්බා.

කොවිඩ් එක්ක ඒ දේවල් කරලා තේරුමක් නැති වෙයි කියලා හිතල තමයි අපි ඒවා නතර කරල තියෙන්නේ.

රොශාන් පිලිපිටිය ඇතුලු පිරිස එක්ක කරපු චිත්‍රපටියක් තිබ්බ “කුනු කොල්ලා” හරි ලස්සන එකක් පොඩි ළමයි වෙනුවෙන් කරපු කාලීන චිත්‍රපටියක්. තව කීපයක් රිලීස් වෙන්න තියෙනවා. තව කීපයකට ආරාධනා ලැබිලත් තියෙනවා.

සමහර ඒවට බජට් එකේ ගැටලු හින්දා බාර ගත්තේ නෑ. දැන් හිතෙ තියෙන්නේ ලෝකෙත් එක්ක හැප්පෙන්න පුලුවන් ලස්සන වැඩක් කරන්න තමයි. ඒ වගේම ලන්කාවේ සිනමාව ගැන කතා කරොත් අපේ ලංකාවේ දක්ෂ නළු නිළියො ඉන්නවා,දැවැන්ත,ලස්සන නිර්මාණ කරන්න පුළුවන් දක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්නවා.

ඒත් ලන්කාව කියන්නේ පොඩි රටක්, දැවන්ත විදියට නිර්මාණ කරන්න මුදල් වියදම් කරන්න අමාරුයි.

අනික රාජ්ය අනුග්‍රහය එහෙම තියෙන්න ඔනේ සිනමාව වෙනුවෙන්.නිෂ්පාදකවරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වියදම් කරන තරමට ලාබය ලැබෙයි ද කියන ප්‍රශ්නය.

ලෝකෙට නොදෙවෙනි සිනමාවක් තියෙනවා ඇත්තට ම අපේ රටේ.

ඒත්, තියෙන එක ම ප්‍රශ්නය තමයි මම කිවුවේ ලාබ නොලැබෙයි ද බය නිසා තමයි ඒ නිර්මාණ කරන්නේ නැත්තේ.

6- “ඩාන්සින්ග් ස්ටාර්” තරඟාවලියේ ශූරතාවය ලැබුනාම මොකද හිතුනේ?
—ඒ ජයග්‍රහණය ඇත්තට ම මම විශ්වාස කරේ නැති දෙයක්.මොකද මම ඒ තරඟයට යන්න ලොකු අකැමැත්තක් දක්වපු කෙනෙක්.

මම ඒ තරඟයට ගියේ මගේ අම්ම හින්දා. අම්මා තමයි මට කරදර කරේ,වද දුන්නෙ මට ඒ තරඟයට යන්න.ඔයා ඒකේ නටන්න. ඔයා දිනනවා ඔයා දිනනවා කියන වචනෙමයි කිවුවේ.

ගෙදර ට එන්නේ කවුද එයාලට අම්මා කියනවා මට එකේ නටන්න කියන්න කියලා.

අන්තිමට මම අම්මට කිවුවා අම්මේ, මම නටන්නම් හැබැයි දිනන්න ඕනේ ඔයා කියලා. මම හිතනවා මම වේදිකාවෙ නැටුවට දින්නේ අම්මා.පුදුම කැපකිරීමක්, උත්සාහයක් තිබ්බේ මට වඩා මගේ අම්මට. ඉතින් මේ ශූරතා සම්මානේ හරිම අයිතිකාරයා මගේ අම්මා.මං කුසලානේ දකිනකොටත් කියනවා අන්න ඔයාගෙ දෙවෙනි දුව ඉන්නවා කියලා.

7- කලා ක්ෂේත්‍රයේ දී ආපු අභියෝග මොනවද?

—-පටන් ගත්ත දවසේ ඉඳන් ඕනෑම කෙනෙකුට අභියෝග එනවා.මානසික කඩා වැටීම් එනවා.

සිනමාවට එන්න ඔනේ කියලා සිහින මවන් ඉඳල මම ආපු කෙනෙක් නෙමේ.පාසල් අවධියේමයි මම සිනමාවට එන්නේ, මම ඒ දෙවල් මොනවද කියලවත් දන්නේ නැතුව.

මාව බලෙන්, අහම්බෙන් තමයි සිනමාවට එන්නේ.කැපිලි කෙටිලි,හිත් අමනාපකම් තියෙනව.තව කෙනෙක්ට වඩා ඉස්සරහට යන්න තමයි ගොඩක් දෙනා උත්සාහ කරන්නේ. ඉතින් මං ඒකට ගත්ත පිළියම තමයි, එක, නිහඬතාව රැකීම. දෙක, හරිම කැපවීමෙන් උපරිමෙන් කටයුතු කිරිම.

වෘත්තියට මම ගොඩක් ආදරේ, ගරු කරා. වෘත්තිය ඇතුලේ ගෞරවය තියාගන්න උත්සහ කරපු කෙනෙක්.

ඒ වගේ ම මම හිතනවා, සොබාදහමෙන් මට ආශිර්වාදයක් ලැබුනා, ශක්තියක් ලැබුනා කියලා. මම කවුද කියල පෙන්නුවේ මගේ දක්ෂ කමින්මයි.මොකද මම පුන්චි කාලේ ඉඳන් හැමදාම සරස්වතී අම්මට වඳිනවා.

ඒ බලය මට ලැබුනා කියල මම හිතනවා.ආපු ගමන පුරාම ඒක මට තිබුන. ඩාන්සින් කොස්ටියුම් පවා මම මහගෙන ඇඳගෙන නැටුවේ. ඒ තරම් කැපකිරීමක්,අධිෂ්ඨානයක් තිබ්බා මං ගාව.

9- දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
—–දේශපාලන වේදිකාවෙ ක්‍රියාකාරී ව හිටිය හින්ද ගොඩක් දෙනෙක් හිතුවා මං චන්දෙ ඉල්ලයි කියලා,මගේ වටෙ හිටිය ගොඩක් දෙනෙක් දන්නව මට ඡන්දේ ඉල්ලන බලපොරොත්තුවක් තිබ්බේ නෑ කියල.හැබැයි මං විශ්වාස කරපු නායකය වෙනුවෙන් අදට ත් හෙටටත් කටයුතු කරනවා කියන විශ්වාසය විතරමයි තිබුනෙ.

ඒක වෙනස් නැ. මං ඒ නායකයට ගොඩක් ආදරෙයි,ගෞරව කරනවා.එතුමා වෙනුවෙන් මම දේශපාලනය කරා හා කරනවා.රංගන කටයුතු හින්දා රට වටේ යන්න වුනා එතකොට විවිධ මිනිස්සු මට හම්බුනා එයාලගෙ අදහස් මම නියෝජනය කළා ඒවා දේශපාලන වේදිකාවට ගෙනාවා මං.

9- පසුගිය දවස් වල සි.අයි,ඩී එකට යන්න උනා නේද, ඇයි ඒ?
—-ඒක මම දේශපාලනය කරපු හින්දා ගහපු මඩ පාරක්.ඒ වගේ ප්‍රසිද්ධ අයට කරන මඩ පාරවල් නවත්තන්න දැඩි දඬුවම් ලබාදෙන ක්‍රමවේදයක් දැන් තියෙනවා.

මොනවා හරි දෙයක් ශෙයාර් කරත් ටැග් කරත් ඒ කෙනාව සිර බාරයට ගන්න පුළුවන්.කාටවත්ම කෙනෙක් ගොඩනගා ගත්ත ප්‍රතිරූපය විනාශ කරන්න අයිතියක් නෑ, පිටරට කෙනෙක් තමයි ඒවා දාල තිබ්බේ ඒ හින්දා කෙනා හොයන්න බෑ කියන තැනට ආවා ඒක.

10- සමාජ සේවයට කැමති ද?
—-සමාජ සේවයට ගොඩක් කැමති මම. සමාජයට මම සේවය කරනවා.ඒත් සමාජගත කරන්න මම කැමති නෑ ඒ දේවල්.

මම ගහකොළ,සතා සිවුපාවුන්ට,මිනිස්සුන්ට ආදරෙයි. ගෙවල් දොරවල් හදන්න උදවු කරනවා,අධ්‍යාපනික දේවල් විදියට ද උදවු කරනවා.

11- ආදරය ගැන මොකද හිතන්නේ?
—-ආදරය ගැන කාටවත් නිර්වචනයක් දෙන්න බෑ මම හිතන්නේ.එකින් එක්කෙනාට වෙනස් වෙන, හැඟීම් සමුදායක් විදියට මම ආදරය ගැන හිතනවා, ආදරය දකින විදිය,ආදරය කරන්න කැමති විදිය එකින් එක්කෙනාට වෙනස් හරි අහම්බෙන් තමයි එකම විදියට ආදරය කරන අය හම්බෙන්නේ.

විඳින්න කැමති සිතුවිලි දාමයක් තමයි තව දුරටත් කිවුවොත් ආදරය කියන්නේ කියලා මං හිතනවා.

12- කලාලෝලීන් වෙනුවෙන් කියන්න දෙයක් තියෙනව ද?
—– ප්‍රේක්ශකයා තමයි කලාකරුවාගේ වටිනාම සම්පත වෙන්නේ සම්මානයකටත් වඩා.

ප්‍රේක්ශකයගේ ආදරය හා ගෞරවය මත තමයි කලාකරුවා රැඳිලා ඉන්නේ හැමවෙලේම.

ඇත්තටම, මම සංසාරෙ ගොඩක් පිං කරලා තියෙනවා. මං කොහෙ, කොතන ගියත් කලාකාරිණියක් විදියට ඒ ගෞරවය ආදරය මට හිමි වෙනවා.ඉතින් ප්‍රේක්ශකයන්ගේ ආදරය ගෞරවය මට වටිනවා කියලා මම ඒගොල්ලොන්ට මතක් කරනවා.

ඉතින් ඒ ආදරය මට ලොකු ශක්තියක්.එයාලගෙ අදහස් තමයි තව අලුත් දේවල් කරන්න අපිව පොළඹවන්නේ..ඉතිං මමත් මට ආදරය කරන අයට ආදරෙයි.මගේ සම්මානය වෙන්නේ එයාලම තමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12


?