“මම වෙනත් රෝගයකින් පීඩා විඳිනවා” – පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නාට සැත්කමක්

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සැත්කමකට භාජනය කර තිබෙනවා.

ඔහුගේ උන්ඩක පුච්ච්යේ ඇතිව වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු සැත්කමකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟයක් අතර තුර අෆ්රිඩි දණහිසේ ආබාධයකට ලක්වුණා.

පසුව ඔහු එහිදී ද සැත්කමකට ලක් කිරීමෙන් පසු කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියා.

පසුව එම ආබාධය සුව වී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම සමඟ අෆ්රිඩි යළි එක් වූ අතර, එහිදී ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අතර මැද ඔහු පිටියෙන් ඉවත්ව ගියේ එම දණහිසේ ආබාධය යළි උත්සන්න වීම හේතුවෙන්.

කෙසේ වෙතත් සිදුකළ ස්කෑන් පරීක්ෂණයක දී දණහිසේ ආබාධය බරපතල නොවන බව සොයාගත් අතර, සති කිහිපයක කාලයක් විවේකීව පසුවන ලෙසට ඔහුට වෛද්‍ය උපදෙස් හිමව තිබුණා.

කෙසේ වෙතත් පසුව ඔහු සමාජ මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් වෙනත් රෝගයකින් පීඩා විඳින බවයි.

උණ්ඩුක පුච්ඡයේ රෝගී තත්ත්වයකින් තමන් මෙලෙස පීඩා විඳින බව ඔහු එහිදී වැඩිදුටත් පවසා තිබුණා.

අනතුරුව සක්තමකට භාජනය කළ ඔහු, උණ්ඩුක පුච්ඡයේ සැත්කම හොඳින් සිදු වූ බවත් තමන්ට ඉක්මන් සුවය පතා යාඥා කරන ලෙසත් අෆ්රිඩි සිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04