Empty Ad
Empty Ad
 Empty Ad

මනූෂ නානායක්කාර ඇතුළු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුට නොතීසි

පසුගිය 2022 වසරේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ පෙනී නොසිටි අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා.

පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන මනූෂ නානායක්කාරට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රේල් මස (02) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර කර තිබෙනවා.

රුපියල් අසුතුන්ලක්ෂ විසි එක්දහස් අටසිය නවයක් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සඳහන් කරමින් වැට් බදු අයකරගැනීමේ පනත ප්‍රකාරව 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත යටතේ මෙම නඩු පවරා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?