AFC Banner
Empty Ad
Empty Ad

මනුෂ්‍ය ජිවිතයකට හාණි කල කුකුළෙකු පොලිස් භාරයට

පොර කුකුළෙකු ගේ ප්‍රහාරයක් හේතුවෙන් එම කුකුලාගේ හිමිකරු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පුද්ගලයෙක්. මෙම රාජා නැමැති පොර කුකුළා තෙලංගනා ප්‍රාන්තයේ, ගෝලපාලි නම් ග්‍රාමයේ පිහිටි කෝවිල් උත්සවයක් ආසන්නයේ පැවති පොර කුකුල් තරගයකට ඉදිරිපත් කර ඇත.

මෙම කුකුළා රාජා යන නමින් හඳුන්වන අතර මෙම පොර කුකුළා පොර කුකුල් තරගයක් සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. පොර කුකුළා තරගයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී ඔහුව අල්ලා ගැනීමට හිමිකරු වන සතිෂ් යන අය උත්සහ කිරීමේදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබු “කෝඩි කත්ති” (සටනේ දී ප්‍රතිවාදියාට පහර දීම සඳහා සකසා කුකුළා ගේ පාදයේ ගැට ගසා ඇති අඟල් 3ක් දිගැති තියුණු පිහියක්) යනුවෙන් හඳුන්වන පිහිය හිමිකරුගේ සිරුරේ සංවේදී ස්ථානයක ඇනිමෙන් සිදුවූ අධික රුධිර වහනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රාජා යන කුකුළාව පොලිසිය විසින් සිය භාරයට අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තරගයට සහභාගි වු තවත් තරග කරුවන් 15 දෙනෙකු පමණ සොයා මෙහෙයුම් සිදු කරයි.

115096269 gettyimages 453422856
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?