මන්නා රමේෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්නා රමේෂ්ගේ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ කාන්තාවක් රුපියල් මිලියන 05ක පමණ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සීතාවක කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 70ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91ක්, ජංගම දුරකථන 03ක් සහ කුඩා තරාදියක් ද පොලිස් භාරයට ගැනුණා.

මන්නා රමේෂ්ට අයිති යාලේගම පිහිටි නිවසේ සිට 30 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන මෙම 27 හැවිරිදි සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව සඳහන්.

වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම කාන්තාවගේ සැමියා පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මන්නා රමේෂ් නම් සැකකරුට අයත් බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකාරිය අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34