මන්නා රමේෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්නා රමේෂ්ගේ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ කාන්තාවක් රුපියල් මිලියන 05ක පමණ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සීතාවක කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 70ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91ක්, ජංගම දුරකථන 03ක් සහ කුඩා තරාදියක් ද පොලිස් භාරයට ගැනුණා.

මන්නා රමේෂ්ට අයිති යාලේගම පිහිටි නිවසේ සිට 30 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන මෙම 27 හැවිරිදි සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව සඳහන්.

වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම කාන්තාවගේ සැමියා පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මන්නා රමේෂ් නම් සැකකරුට අයත් බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකාරිය අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01