මන්නාරම මහ රෝහලේ සේවය කරමින් සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව එම රෝහලේ පාලනාධිකාරිය පවසනවා.
එම විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට සේවයට වාර්තා කර නොමැති බවත් ඔහුගේ දූරකථනය ද විසන්ධි කර ඇති බවයි පැවසෙන්නේ.
මන්නාරම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ හෙතෙම පාලනාධිකාරියට ද නොදන්වා සේවයෙන් ඉවත් ව ගොස් ඇති බවට ආරංචි වුව ද; ඔහු ඒ පිළිබඳ ව පාලනාධිකාරියට නොදන්වා ඇති බවයි.
කෙසේවෙතත් මෙම වෛද්‍යවරයාගේ අතුරුදන් වීම හේතුවෙන් ඔහු වෙනුවට තවත් අයෙක් හදිසියේ පත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ළමා වාට්ටුවේ සියලු ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබෙනවා.
මේ හේතුවෙන් ළමුන් සහ ගැබිනි මව්වරුන් ද වව්නියාව රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.
අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තෙක් වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබාදෙන ලෙස එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.