මන්ත්‍රී සුමන්තිරන් ගේ STF ආරක්ෂාව ඉවත් කරයි

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර තිබෙනවා. මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමනේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී වු අතර එබැවින් මන්තී‍්‍රවරයාට ලබාදී ඇති විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

මීට ටික කලකට ඉහත දී සුමන්තිරන් මන්තී‍්‍රවරයාට මරණ තර්ජන ඇති බවට හෙළිදරව් වු අතර ඒ හේතුවෙන් මෙලෙස ඔහුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබා දී තිබුණා.

(මුලාශ්‍ර : ලංකාදීප)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?