පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ඝානා ජාතිකයින් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
ඝානා මාධ්‍ය වාර්තා කරන්නේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි.
රත්තරන් විකිණීමේ මුවාවෙන් මුදල් වංචා සිදුකළ බවට එරට ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්තරන් ලබාදෙන බව පවසමින් ඩොලර් මිලියන 02ක මුදලක් මෙම සැකකරුවන් 2023 වසරේ දී වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් විසින් යලිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්රන් කිලෝග්‍රෑම් 50ක් විකිණීමට ඉදිරිපත් වී ඇති අතර, එම ගනුදෙනුවට නීත්‍යුනුකූල බවක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවන් ඝානා ආරක්ෂක අංශ විසින් ඔක්තෝබර් 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී කහ පැහැති රත්තරන් බවට සැකකෙරෙන ලෝහ 02ක් ද සොයාගෙන ඇති බව වාර්තා වන්නේ.
මීට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින යළි කැදවීමට නියමිත බව සඳහන්.




