මන්ත්‍රී සරත් ෆොන්සේකා සජබෙ ට සමුදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජනබලවේගයේ (SJB) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (09) පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ නිල ලිපිය ඔහු විසින් පක්ෂ මූලස්ථානයේ මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති සටනට ද එක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්