කොටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප ලබා දී තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඔහුව අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇප නියමකර ඇත්තේ.
ඉකුත් 22 වනදා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට බලහත්කාරයෙන් තම මෝටර් රථය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමය ඔහුව අද කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.
ඒ, අනුව කොටුව පොලීසිය වෙත පැමිණි මන්ත්‍රීවරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
+1
1
+1
+1
6





