මන්ත්‍රී දයාසිරිගේ පුත්‍රයාව කොල්ල කා පුද්ගලයෙක් පළා ගිහින්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකරගේ මුදල් සහ රන් මාලයක් කොල්ල කා පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා.

බම්බලපිටිය, ලෙයාර්ඩ් මාවත ප්‍රදේශයේ මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි අප කළ විමසීමක දී මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.

මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මාර්ගයේ රැඳී සිටින අවස්ථාවේ කොල්ලකරුවෙකු ගලක් ද රැගෙන පැමිණ ඔහුගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අසල තිබූ මෝටර් රථයට නැඟ ඇති අතර, අනතුරුව මෝටර් රථය අසළට පැමිණි කොල්ලකරු ගෙළට පිහියක් තබා මුදල් ලබාදෙන ලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු කොල්ලකරු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සතුව තිබූ රුපියල් තුන්දහසක මුදලක් සහ වටිනා රන් මාලයක් කොල්ල කා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
5
+1
123
+1
5
+1
6
+1
7
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15