Empty Ad
Empty Ad
AFC Banner

මන්ත්‍රී අර්චුනාට සජබ මන්ත්‍රීවරු එක් වී පහර දුන් බවට චෝදනාවක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාතන් අර්චුනා මහතා හට පහරදීමක් සිදු ව තිබෙනවා.

අද (03) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඔහුට පහරදීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණ අර්චුනා මන්ත්‍රීවරයා තමන්ට අත් වූ ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මූලාසනාරූඪ මන්ත්‍රීවරිය දැනුම්වත් කිරීම සිදු කළා.

තමන් අද දහවල් විපක්ෂ නායකවරයාගේ කාර්‍යාලයට ගිය බවත්; එහි ගියේ තමන්ගේ කතාවට ලබා දී ඇති වේලාව සම්බන්ධයෙන් දැනගැනීම පිණිස බවයි අර්චුනා මන්ත්‍රීවරයා පැවසුවේ.

නමුත් එහිදී තමන් පසුගිය මංගල සභා වාරයේ දී විපක්ෂ නායකවරයාගේ අසුනෙහි නොදැනුවත් ව අසුන්ගෙන සිටීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට පහරදුන් බව අර්චුනා මන්ත්‍රීවරයා චෝදනා කළා.

තමන් වෛද්‍යවරයෙකු බවත්; පාර්ලිමේන්තුව වැනි උත්තරීතර යැයි සැලකෙන ස්ථානයක සිදු වන්නේ මෙවැනි හැසිරීම් දැයි අර්චුනා මහතා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී මූලාසනාරූඪ මන්ත්‍රීවරිය පැවසුවේ අදාළ සිදුවීම පිළිබඳ ව කතානායක අසෝක රන්වල මහතා හට පැමිණිලි කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?