ඉෂාරා යැයි රැවටී පොලිසිය වෙනත් කතක් අල්ලාගෙන – මත්කුඩුත් හමුවෙලා (වීඩියෝ)

පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා අධිකරණ සංකීර්ණය තුළ දී
ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී ඇයගේ රුවට බෙහෙවින් ම සමාන කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පැවසුවා.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති වයස අවුරුදු 25 ක් වන කාන්තාවක්.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කළා.

ඒ අනුව පොලිසිය විසින් තොරතුරු ලබාදිය හැකි දූරකථන අංක ලෙස;

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735 සඳහන් කර තිබෙනවා.

තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බව ද පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48