මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු වැඩමුළුවක්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කතානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් මාර්තු 29 සහ 30 යන දිනවල මීගමුවේ හෝටලයක දී සාර්ථකව පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීමට අදාළ ව සාකච්ඡාවල නිරත වීමට මෙහිදී අවස්ථාව හිමි වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,නියෝජ්‍ය කතානායක (වෛද්‍ය) රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වුණා.

එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ජුඩිත් කමින්ස් (Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ඩෝන් ප්‍රිමරොලෝ (Dawn Primarolo) සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූවා.

මෙම වැඩමුළුවේ දී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කළා.

පාර්ලිමේන්තුවේ මුලසුන සඳහා නම්කරන ලද මන්ත්‍රීවරයන්ගේ භූමිකාවේ ඉතිහාසය සහ පරිණාමය මෙන්ම කාල කළමනාකරණ, සම්මුතීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ පවත්වාගනු ලබන සබඳතා වැනි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඊට අමතරව, ව්‍යවස්ථාදායක කටයුතු කළමනාකරණය කිරීමේදී ඇති වන අභියෝග සහ අවස්ථා එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික උදාහරණ සමඟින් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, මෙරට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග, සහ සම්මුතීන් පිළිබඳ පුළුල් පැහැදිළි කිරීමක් මෙහිදී සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?